සමහර ආහාර වල දවටනයේ එය සීනි රහිත නිෂ්පාදනයක් බව සඳහන් කර තිබෙනවා. එය දකින බොහෝ දෙනෙක් එය සෞඛ්‍යයට හිතකර බව විශ්වාස කරමින් මිලදී ගැනීමට පෙළඹෙනවා. අද අපි මේ ගැන කතා කරමු.
සීනි වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වෙනවා. මේ නිසා සීනි රහිත ආහාර ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කැලරි ප්‍රමාණය සිරුරට නොලැබී යනවා. එයින් සිරුරේ බර අඩු වෙනවා. බර පාලනය කර ගැනීමට උත්සාහ දරන පුද්ගලයන්ට සීනි රහිත ආහාර කියන්නේ හොඳ තේරීමක්.
දියවැඩියා රෝගීන් සඳහා, සීනි රහිත ගොඩක් සුදුසුයි. ඒවා පරිභෝජනයෙන් රුධිර සීනි මට්ටම පාලනය වී, දියවැඩියාව කළමනාකරණය වෙනවා.. සීනි භාවිතා නොකරම එම රසය භුක්ති විඳීමේ අවස්තාව මින් හිමි වෙනවා. රුධිර සීනි මට්ටම පාලනය කර ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් හට මෙය හොඳ තේරීමක්.
අධික සීනි පරිභෝජනය දත් දිරායාමට හා කුහර ඇති වීමනට මඟ පාදනවා. ඉතින් සීනි එකතු නොකළ ආහාර පරිභෝජනය ඔබේ මුඛ සෞඛ්‍යය ආරක්ෂා කර දෙනවා.
සීනි රහිත නිෂ්පාදන රස ගැන්වීමට කෘතිම රසකාරක එකතු කිරීම අවාසියක්. 😐
සීනි රසය වෙනුවට එකතු කරන රසකාරක පසුකාලීනව බරපතළ සෞඛ්‍ය අවදානම් ඇති කරන්න හේතු වෙනවා. සමහර අධ්‍යනයන් මගින් හෙළි වී ඇත්තේ රසකාරක නිසා පරිවෘත්තීය වෙනස්කම් මහා අන්ත්‍රයේ ක්ෂුද්‍ර ජීවීන්ගේ වෙනස්වීම්, පැණි රස ආහාර ලබා ගැනීමේ ඇබ්බැහිය වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බවයි. මෙම රසකාරකවල සීනි වලට සමාන රසයක් තිබුනත් ඒවා ස්වභාවික සීනි රසයට සමාන තෘප්තියක් ලබා දෙන්නේ නැහැ. මේවායේ සීනි වලට සමාන රසයක් දැනීම නිසා තව තවත් සීනි රස ආහාර ගැනීමට පෙළඹෙන අතර කැලරි අධික සීනි අඩංගු වෙනත් ආහාර පරිභෝජනයට ඇබ්බැහි වෙන්න පුළුවන්.
සීනි රහිත ආහාර නිශ්පාදනයේදී ඒවා විවිධ පියවරයන් වලට භාජනය කර ඇති අතර ඇතැම් ස්වභාවික අමුද්‍රව්‍ය ඉවත්කර සීනි රසය වෙනුවට වෙනත් රසයන්, කල්තබාගන්නා අමුද්‍රව්‍ය වැනි කෘතිම දෑ බොහෝ ප්‍රමාණයක් එකතු කර තිබෙනවා විය හැකියි. මේවා සෞඛ්‍ය ගැටළු ඇති කරනවා
“සීනි රහිත ආහාර” යනුවෙන් පැවසීම නොමග යවන සුළු අලෙවිකරණ උපායකි. සීනි රහිත ආහාර පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හිතකර බව ස්ථීර ලෙස කිව නොහැකියි. සමහර සීනි රහිත ආහාර වල සීනි ඉවත් කර තිබුණත් ඒවාට සෞඛ්‍යයට අහිතකර අධික මේද ප්‍රමාණයක් එකතු කර තිබෙනවා විය හැකියි.
එමෙන්ම සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉවත් කර තිබෙනවා විය හැකියි. මෙම කෘතිම රසකාරක නිසා ආමාශයේ ගැටළු ඇති වෙනවා. ආහාර ගැනීමෙන් පසුව බඩ පිපීම, පාචනය ඇති වීම වැනි ආමාශය ආශ්‍රිත අපහසුතා මතු වෙනවා.


0 Comments